අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ඊයේ (29) පස්වරුවේ ජලයෙන් යට වීම නිසා නගර හරහා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය.

ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේද්නය කරයි.

නැගෙනහිර, ඌව සහ උතුරු - මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

Latest News