වැල්ලවායේ වෙලදසැල් 18කට නඩු

මාර් 25, 2021

    වැල්ලවාය ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙලදසැල්වල සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඊයේ (24) විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

    මෙම මෙහෙයුමේ දී අපිරිසිදු ආහාර අලෙවි කිරීම, කල් ඉකුත් වූ ආහාර අලෙවි කිරීම, අපිරිසිදු ලෙස ආහාර ගබඩා කර තැබීම පිළිබඳව සොයා බැලීමක් සිදු කර ඇති අතර එලෙස අපිරිසිදු ආහාර අලෙවි කල වෙලදසැල් 18කට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

    තවත් වෙලදසැල් 30ක තිබූ අපිරිසිදු ආහාර විනාශ කර ඇති අතර එම වෙළදසැල් හිමියන්ට දැඩිලෙස අවවාද කර ඇත.

    නඩු පැවරූ වෙලදසැල් හිමියන් එලැබෙන 26 වැනිදා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ඉදිරි උත්සවසමයේ දී මෙම වැටලීම් අඛණ්ඩව සිදු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසීය.

    Latest News