අල්ලස් ගත් පොලිස් පරීක්ෂකයේ ඇප ප්‍රතික්ෂේපයි

පෙබ 01, 2019
    පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් රු.50000ක අල්ලසක් ලබාගත් අවස්ථාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් එම බලකායේ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම නැවත ප්‍රතික්ෂේප කරමින් පෙබරවාරි 15 වැනි දා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළේය.

    මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ පොලිස් ක්ෂේත්‍රබලකා මූලස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් ජීවේන්ද්‍ර ඩයස් නැමැත්තායි.

    වැඩ තහනම් කළ පොලිස් නිලධාරියකුගේ අභියාචනයක් නිර්දේශ කිරිම සඳහා රුපියල් එක්ලක්ස පනස් දහසක අල්ලස් මුදලක් ඉල්ලා එයින් රු.50000ක් ලබා ගැනීමේ දී  පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ දී සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනිණ.

    ඇප ඉල්ලීමේ සඳහන් රෝගයට බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට හැකි බැවින් එය සුවිශේෂී කරුණු නැති බව පෙන්වා ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔහු නැවත රක්ෂිත බන්ධනාගාරගත කළේය.

    Latest News