කළුතරට පැය 18ක ජල කප්පාදුවක්

මාර් 24, 2021

    අද (24) පැය 18ක කාලයක් කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

    ඒ කළුතර අල්විස් පෙදෙස ජලාශ පරිශ්‍රයේ සිදුකෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන්

    ඒ අනුව පෙරවරු 08.00 සිට හෙට (25) අලුයම 02.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ.

    කළුතර දකුණ, කළුතර උතුර, වාද්දූව, හික්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ සහ මොරොන්තුඩුව යන ප්‍රදේශවලට ඒ අනුව ජලය අත්හිටුවනු ඇති.

    Latest News