'ස්පුට්නික් V' කොවිඩ් එන්නත් මිලියන 7ක් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය

මාර් 24, 2021

    රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ කොවිඩ් එන්නත් මිලියන හතක් මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    ඊට වැය වන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 69.65ක් බවයි කැබිනට් පත්‍රිකාවේ දැක්වෙන්නේ.

    කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 14කට කොවිඩ් එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

    එසේම පසුගියදා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා ඒ අනුව අනුමැතිය ලබාදුන්නේය.

    ඒ අනූව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ජා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි “ස්පුට්නික් V“ එන්නත් මිලියන 7ක් ඇමෙරිකානු ඩොලර් මිලියන 69.65ක මුදලකට මිල දී ගැනීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනමත කරන ලදී.

    Vaccing

    Last modified on බදාදා, 24 මාර්තු 2021 10:33

    Latest News