මෙරටින් තවත් ආසාදිතයින් 354ක්

මාර් 22, 2021

    ඊයේ දිනය තුළ මෙරටින් ආසාදිතයින් 354ක් හඳුනාගෙන ඇති අතර, ඉන් පුද්ගලයින් 12 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වෙයි.

    ඉතිරි පුද්ගලයින් 342 දෙනා දේශීය හඳුනාගෙන ඇති අතර, ඉන් වැඩිම පිරිසක් හඳුනාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ඒ ආසාදිතයින් 197ක් ලෙසය.

    කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 58ක් හා යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17ක් හඳුනාගෙන ඇති බවයි.

    අනෙක් ආසාදිතයින් 70 දෙනා සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන තිබේ.

    අද දිනයේ දී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 93ක් තුළ පුද්ගලයින් 9,358 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ (21) දිනය තුළ පීසීආර් පරීක්ෂණ 6,832ක් සිදුකර තිබේ.

    Latest News