JVP ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ඝාතනය කෙරේ

පෙබ 01, 2019

    වීරකැටිය ප්‍රාදේශීය සභාවට ගියවර ජ.වි.පෙ.න් තරග කළ, වලිමුනිගේ අමරසේන මහතා ඊයේ(31) සවස පිහිඇනුමකින් ඝාතනයට ලක්ව ඇත.

    බැදිගම, වෙහෙරගොඩවත්ත ප්‍රධාන මාර්ගයේ ඥාති පුත්‍රයෙක් සමග යතුරු පැදියකින් නිවෙස් බලා එමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ දී තිබේ.

    ත්‍රීරෝද රථයකින් හා යතුරු පැදි 2කින් පැමිණි 5 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් මාර්ගය හරස් කොට අමරසේන මහතාට පිහිවලින් පහර දී තුවාල සිදු කර ඇත. ගම්වාසීන් තුවාලකරු වීරකැටිය රෝහල වෙත ඇතුල් කිරීමේදී ඔහු මිය ගොස් ඇත. ඊට පෙර දින ඔහු තවත් පුද්ගලයෙකු සමග බහින් බස් වීමක් සිදුවූ බව ගම්වාසීහු පවසති.

    කිරි ගව ව්‍යාපාරයක් හිමි අමරසේන මහතා තිදරු පියෙකි. ඔහු ප්‍රදේශයේ ජනප්‍රිය පුද්ගලයෙක් ලෙසද අප වාර්තාකරු සඳහන් කරයි.

    මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ඊයේ රාත්‍රී වීරකැටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නිමිතයි.

    Last modified on සිකුරාදා, 01 පෙබරවාරි 2019 11:36

    Latest News