හානිපූර්ණය - කාර්යාල පනත් කෙටුම්පතට කතානායකගෙන් අත්සන

ඔක් 25, 2018

    හානි පූර්ණය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පතට කතානායක කරූ ජයසූරිය මහතා අද අත්සන් කර තිබේ.

    හානිපූර්ණය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත පසුගියදා (10) පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත විය.

    පනත් කෙටුම්පත පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරමින් අඳහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, සියලු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බව ප්‍රකාශ කළේය.

    උතුරේ පමණක් නොව දකුණේ ද අතුරුදහන්වූවන් වාර්තා වී ඇත. ඒ පිළිබඳව හානිපූර්ණය කළ යුතුව තිබේ. අදාළ පාර්ශව සඳහා සහන සැලසීමට ක්‍රියා කළ යුතුව ඇත. මෙම කාර්යාලය මඟින් ප්‍රතිපත්ති සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම, හා ඒවයේ ප්‍රගතිය වාර්තා කිරීම සිදු කරයි. මෙහි අධ්‍යක්ෂ මණ්ඩලය හතරදෙනෙකුගෙන් සමන්විත වන බවද අග්‍රාමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 25 ඔක්තෝබර් 2018 10:37

    Latest News