අල්ලස් ගත් ගුවන්තොටුපොල OIC - කොස්තාපල් දැලේ

ඔක් 25, 2018
    කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා (OIC) හා කොස්තාපල් වරයෙකු ලබන (29) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. 
    ඒ ව්‍යාපාරිකයෙකු බිය ගන්වා රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබාගැනීමේ චෝදනා මත හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා සඳහායි. 
    රුපියල් ලක්ෂ 75ක වටිනාකමින් යුත් රත්රන් මාල තොගයක් නීති විරෝධී ලෙස විදේශ රටකින් රැගෙන ඒමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීත්‍යානුකූල කටයුතු නොකිරීමට මෙම ස්ථානාධිපතිවරයා හා කොස්තාපල්වරයා විසින් මුදල ලබා ගෙන තිබේ.
    ඒ අනූව, පෑලියගොඩ පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කෙරුණි. 
    Last modified on බ්‍රහස්පතින්දා, 25 ඔක්තෝබර් 2018 16:18

    Latest News