බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමා මහත් හරසරින් පිළිගනියි

මාර් 19, 2021

    දෙදින නිල සංචාරයක් සඳහා අද (19) පෙරවරුවේ බංග්ලාදේශ වෙත ගිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු දූත පිරිස එහිදී බංග්ලාදේශ සමූහාණ්ඩුවේ (People’s Republic of Bangladesh) අග්‍රාමාත්‍ය ෂීක් හසීනා (Sheikh Hasina) මහත්මිය විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

    ඩකා හි හස්රත් ෂාජලාල් ජාත්යූන්තර ගුවන් තොටුපළේ (Hazrat Shahjalal International Airport) දී හමුදා උත්තමාචාර සහිත විශේෂ පිළිගැනීමක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය වෙනුවෙන් පැවැත්විය. ඉන් අනතුරුව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා (Sheikh Hasina) මහත්මිය විසින් ඒ අවස්ථාවට එක් වූ බංග්ලාදේශ අමාත්‍යවරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් ශ්‍රී ලංකා අඅග්‍රාමාත්‍යවරයා වෙත හඳුන්වා දුන් අතර, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා දූත පිරිස එරට අග්‍රාමාත්‍යවරිය වෙත හඳුන්වා දුන්නේය.

    Latest News