රුපියල් මිලියන 14.8 ක වියදමින් කලුකැලේ ට විදුලිය

මාර් 19, 2021

    රුපියල් මිලියන 14.8 ක වියදමින් රිදීමාලියද්ද ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කලුකැලේ විදුලි ව්‍යපෘතිය ජනතා අයිතියට පත් කිරීම ඊයේ (18) සිදුවිය.

    ඒ, රජය මඟින් ක්‍රියාත්මක සෞභාග්‍යයේ දැක්ම බලගන්වන දැයට එළිය සැමට විදුලිය ලබාදීමේ ජාතික වැඩසටහනට සමගාමීවයි. ව්‍යපෘතිය විවෘත කෙරුණේ විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අතින්.

    අරාව, කලුකැලේ වසර 75කටත් වඩා පැරණි ගම්මානයක්. එහි මේ වන විට පවුල් 75ක් පමණ ජීවත්වේ. අප වාර්තාකරු සඳහන් කරන්නේ, එම ගම්වැසියන්ට විධිමත් ප්‍රවේශ මර්ග, විදුලිය ආදි පහසුකම් නොමැතිව මෙතෙක් කලක් ජීවත් වීමට සිදු වූ බවයි. විදුලි අවශ්‍යතාව සපුරාලමින් ලංකා විදුලි බන මණ්ඩලයේ “ගැමි විදුලි” ව්‍යපෘතිය යටතේ එම පහසුකම ලබා දී තිබේ.

    Latest News