මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට - ස්වෛරීභාවයට සහාය දීමට අමෙරිකාව සූදානම්

පෙබ 04, 2020

    ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ ස්වෛරීභාවයට ස්ථීර ලෙසම සහයෝගය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි.

    අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ ශ්‍රී ලංකාවේ 72 වන නිදහස් දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ සමීප මිතුරෙකු සහ හවුල්කරුවෙකු ලෙස අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ නිදහස් දිනයට සුභ පැතුම් එක්කරන බවයි.

    ශ්‍රී ලාංකික ජනතාවගේ අභිවෘද්ධිය, සාමය, ආර්ථික වර්ධනය, ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සහතික කරන නිදහසක් වෙනුවෙන් කැපවී කටයුතු කරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

    ඉදිරි වසර තුළ දෙරට අතර පවතින සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහ දීප්තිමත් අනාගතයක් උදෙසා එක්ව කටයුතු කිරීමට බලපොරොත්තු වන බවයි, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

    Latest News