සහල් හිඟයක් ඇති වුවහොත් ආනයනයට පියවර ගන්නවා - අමාත්‍ය බන්දුල (වීඩියෝ)

මාර් 15, 2021
  • සහල් හිඟයක් ඇති වීමට කිසිසේත් ඉඩ තබන්නේ නැති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

    වෙළෙඳපොළේ සහල් හිඟයක් ඇති වුවහොත් සහල් ආනයනය කර හෝ ජනතාවට සහන සැලසීමට සූදානම් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද ලෝක පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ දිනය නිමිත්තෙන් පැවති උත්සවයක දී.

    ලෝක පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ දිනය නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් අද නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වුණා. ඒ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. එහි තේමාව “ප්ලාස්ටික් දූෂණය මැඩපවැත්වීම” යන්නයි.

    ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය මාර්තු 15 දින යෙදී තිබේ. මෙම දිනයේ අරමුණ වන්නේ පාරිභෝගික අයිතීන් සුරැකීම හා ඔවුන් සවිබල ගැන්වීමයි. 1962 මාර්තු 15 වැනිදා අමෙරිකානු එක්සත් ජනපදයේ එවකට ජනාධිපති ජෝන් එෆ්. කෙනෙඩි මහතා පාරිභෝගික අයිතීන් පිළිබඳ අවධානය යොමු කරන ලෙස එරට කොංග්‍රස් මණ්ඩලයට විශේෂ පණිවිඩයක් යවනු ලැබුවා. මෙම පණිවිඩය පාරිභෝගික ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමටත් ජාත්‍යන්තර වශයෙන් පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ දිනයක් වෙන් කිරීමටත් හේතු වුණා.

    Last modified on සදුදා, 15 මාර්තු 2021 19:47

    Latest News