වතු නිවාස පේලියක හටගත් ගින්නකින් නිවාස 14 ක් විනාශයි (වීඩියෝ)

මාර් 12, 2021
  • රාගල පොලිස් වසමට අයත් රාගල වතු යායේ දෙවනි කොටසේ වතු නිවාස පේලියක අද (12) අලුයම හටගත් ගින්නකින් එම වතු නිවාස පේලියට අයත් නිවාස 14 ක් ගිනිගෙන විනාශ වි ඇති බව වාර්තාවේ.

    අද අලුයම 3 ට පමණ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාසවලට පැතිර ගොස් ඇති බවත්, පැතිර ගිය ගින්න එම වතු යායේ වතු කම්කරුවන්, රාගල පොලිසියේ නිලධාරින්, නුවරඑලිය තුන්වන සිංහ රෙජිමෙන්තුවේ භට පිරිස් එක්ව නිවා දැමිමට සමත් වි ඇත.

    පැතිර ගිය ගින්නෙන් එම නිවාසවල පදිංචිව සිටි පවුල් 14 කට අයත් සමාජිකයන් 59 දෙනෙකු අවතැන් වි ඇති බවත්, එම අවතැන් වුවන් මේ වන විට එම වතු යායේ කොවිලේ තාවකාලිකව නතර කර ඇති බවට සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේ.

    hatton_01.jpg

    ගින්න හටගන්නා අවස්තාවේ නිවාසවල කිසිවෙක් නොසිටි බවත්, එම නිවාසවල පදිංචිකරුවන් (11) දින මහ ශිවරාත්‍රී දිනය හේතුවෙන් එම වතු යායේ කොවිලේ පැවති ශිව රත්‍රී පූජාවන්වලට සහභාගි වි සිටි බවයි රාගල පොලිසිය කියා සිටියේ.

    ගින්නෙන් එම නිවාසවල පදිංචිව සිටි පදිංචිකරුවන්ගේ පෞද්ගලික බඩු බාහිරාදිය සියල්ල ගින්නෙන් විනාශ වි ඇති අතර, ගින්නට හේතුව විදුලි කාන්දු විමක් බවට සැකකෙරේ.

    ගින්නෙන් සිදු වු අලාභයද මෙතෙක් තක්සේරු කර නොමැත. ගින්නෙන් අවතැන් වු වතු කම්කරු පවුල් සදහා වලපනේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය , වතු පාලන අධිකාරිය සහ රාජ්‍යය නොවන සංවිධාන කිහිපයක් එක්ව අවශ්‍ය මුලික පහසුකම් ලබාදිමට කටයුතු කර ඇති බව ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරයා වැඩි දුරටත් පැවසිය.

    ගින්න සම්බන්ධයෙන් රාගල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

    Last modified on සිකුරාදා, 12 මාර්තු 2021 13:40

    Latest News