කොහුවල පිලිස්සීමෙන් මියගිය අය ව්‍යාපාරිකයෙක්

මාර් 11, 2021

    කොහුවල ආසිරි මාවත ප්‍රදේශයේ දී මෝටර් රථයක් තුළ තිබී හමුවූ පිළිස්සුනු මළ සිරුර සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භකර තිබේ.

    මියගිය තැනැත්තා තිස්තුන් හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවයි පොලීසිය සඳහන් කරන්නේ. මෝටර් රථයක් තුළ තිබී පිළිස්සී ගිය මළ සිරුර කොහුවල ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රී හමුව තිබේ.

    කොහුවල ආසිරි මාවතේ දී වැගන්ආර් වර්ගයේ මෝටර් රථයක තිබී මළ සිරුර සොයා ගෙන ඇත්තේ, ඊයේ රාත්‍රී 11.30ට පමණ. මොහු කළුබෝවිල භාතිය මාවතේ පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙක් බවට තොරතුරු වාර්තා වී තිබේ.

    මෝටර් රථය ද ගිනි ගෙන ඇති බවයි,පොලීසිය පවසන්නේ.

    Latest News