කොහුවල හරහා යන රියැදුරන්ට විශේෂ නිවේදනයක්

ජූනි 15, 2024
    කොහුවල මංසන්ධියේ ඉදිවන ගුවන් පාලමේ ඉදිරි ඉදිකිරීම් කටයුතු හේතුවෙන් අද (15) සිට එම මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

    මාස දෙකක කාලයක් අදාළ ඉිදිකිරීම් සිදුකෙරෙන බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

    ඒ අනුව හොරණ-කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය පොදු ප්‍රවාහන සේවා සඳහා පමණක් විවෘත වන අතර, එම මාරග්යේ ගමන් ගන්නා බර වාහන, කොහුවල පාලම දෙසට ඇතුල් කිරීම සිදු නොකරන බවයි පොලීසිය කියා සිටින්නේ.

    Latest News