කොහුවල වාහනයක් තුළ පිළිස්සුණු මළ සිරුරක්

මාර් 11, 2021

    කොහුවල, ආසිරි මාවත ප්‍රදේශයේ මෝටර් රථයක තිබී රාත්‍රී 11.30ට පමණ මළ සිරුරක් හමුවී තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, අදාළ මෝටර් රථය මෙන්ම මළ සිරුර ද පිළිස්සී ඇති බවයි.

    එලෙස මියගොස් ඇත්තේ කළුබෝවිල, භාතිය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවට දැනට හඳුනාගෙන තිබේ.

    නුගේගොඩ අධිකරණය වෙත දැන්වීමෙන් අනතුරුව අද දිනය තුළ දී රජයේ රස පරීක්ෂකවරයා ඇතුළු විශේෂඥයින් අදාළ ස්ථානයට ගෙන්වා මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බවයි අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරන්නේ.

    Latest News