විදුහල්පති හා ව්‍යාපාරිකයා කපා කොට තුවාල කිරීමේ පරීක්ෂණ ඇරඹේ

සැප් 19, 2019

    විදුහල්පතිවරයකු හා ව්‍යාපාරිකයකු කපා කොටා තුවාල සිදුකිරීම පිළිබදව පුළුල් විමර්ශණයක් සිදු කරණ බව පුත්තලම පොලීසිය පවසයි. 19 දා අළුයම මෙම සිද්ධින් දෙකම ස්ථාන දෙකකදී වාර්ථා විය.

    පුත්තලම, සෙම්මන්දළුව කනිෂ්ඨ විද්‍යාලියේ විදුහල්පතිගේ කුරුණෑගල පාර විල්ළුවවත්ත පිහිටි නිවසේ ජනේලයකින් ඇතුල්වු දෙදෙනකු නිදා සිටි විදුහල්පතිවරයාව කඩුවකින් කපා තුවාල සිදු කර පලා ගොස් ඇත. මෙය අළුයම 2.30 පමණ සිදුවී තිබේ. මෙයට යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු සිදු කර ඇති බවට අණාවර්ණය වී ඇත. මෙම විදුහල්පතිවරයා උකස් භාණ්ඩ මිලදීගැනීම් හා මුදල් පොලියට ලබා දෙන අයෙක් බවයි පොලිසිය සදහන් කරන්නේ.

    අළුයම 5.45 පමණ පුත්තලම ආනන්ද ජාතික පාසල අසන්නයේ පිහිටි ව්‍යාපාරික ස්ථානයකට කාර් රථයකින් පැමිණි තිදෙනකු එම ව්‍යාපාරිකයාගේ ගෙල බැදි මාලය කොල්ලකා පලා යන අවස්ථාවේ එම ව්‍යාපාරිකයාට පොර බැදීම නිසා, කුඩා පිහියකිනි ඇණ තුවාල සිදු කර තිබේ.

    දැනට සිද්ධින් මෙයින් තුවාල ලැබු විදුහල්පති ලයනල් සිල්වා (53) යන අය හා ව්‍යාපාරික ජොසප් මයිකල් (62) නොහොත් වතුර සුනිල් යන අය පුත්තලම මූලික රෝහලේ ප්‍රථිකාර ලබයි.
    සිද්ධිය සම්බන්ධළු පුත්තලම පොලීසිය පරික්ෂණ පවත්වනු ලබයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2019 11:15

    Latest News