මෙරට 7 ලක්ෂ 52,098කට දැනටමත් එන්නත් ලබාදී අවසන්

මාර් 11, 2021

    කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ හත් ලක්ෂ 52,098 දෙනෙක්ට එන්නත් ලබාදී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    කොවිඩ් 19 එන්නත් ලබාදීම අද සිදු කෙරෙන්නේ, 42වැනි දිනටයි. ඊයේ පමණක් 8,323 දෙනෙක්ට එන්නත ලබාදී තිබේ.

    බොරැල්ල කැම්බල්පිටියේ දී අද එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. 1,500කට පමණ එන්නත ලබාදීමට නියමිත බවයි,සෞඛ්‍ය අංශ පවසන්නේ.

    කොවිඩ්-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 83,210 දක්වා ඉහළ ගොස් තිබේ. එම ප්‍රතිශතය 95.99ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 2,960 දෙනෙක් ඇතුළත්.

    Latest News