අශෝක් අබේසිංහ CIDයට පැමිණෙයි

මාර් 11, 2021

    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වෙයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට ඔහු සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේය. ඒ පැමිණිල්ලට අදාළව සිදුකෙරෙන විමර්ශන සඳහා ඔහු අද කැඳවා තිබේ.

    Latest News