වතු සේවක වැටුප වැඩි වීමේ දී EPF/ETF හාම්පුතුන් ගෙවිය යුතුයි

මාර් 03, 2021

    වතු සේවක වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි වීමේ දී සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාර අරමුදල් ලෙස රුපියල් 230 ක් හාම්පුතුන් ගෙවිය යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා කියා සිටී.

    ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (02) අමාත්‍යංශයේ දී පැවති පඩි පාලක සභාව මඟින් වතුසේවක වැටුප් වැඩි කිරීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    මෙම වැටුප් වැඩිවීමත් සමඟ වතු සේවකයින්ගේ පාරිතෝෂික දීමනා, අතිකාල දීමනා, නිවාඩු දීමනා, සහ ප්‍රසූත දීමනා යන සියලු දීමනා ඉහල යන බවත්, ඒ අනුව වතු සේවකයික්න්ගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙම තීරණය මනා පිටුවහලක් වනු ඇතැයි ද ඒ මහතා මෙහි දී ප්‍රකාශ කළේය.

    Latest News