සියලු වතු කම්කරුවන්ට රුපියල් 1000 වැටුප අප්‍රේල් සිට

අප්‍රේ 06, 2021

    සියලුම වතු කම්කරුවන්ට රජය පොරොන්දු වූ රුපියල් දහසේ වැටුප අප්‍රේල් මාසයේ සිට ලබා දීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා අද(06) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

    වතු කම්කරු ජනතාවට රජය ලබාදුන් රුපියල් දහසේ වැටුපට එරෙහිව වතු සමාගම් අධිකරණයට ගිය බවත්, ඊයේ දින අධිකරණය ඒ සඳහා නෛතික අවසර ලබා දී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

    සියළුම වතු සමාගම් මෙම රුපියල් දහස ගෙවීමට නෛතිකව බැඳී‍ සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ මහතා නියං සමයේ කුඩා තේ වතු හිමියන්ට ලබා දී ඇති සහණාධාර සම්බන්ධයෙන් ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    Latest News