වතු සේවක වැටුප ගැන නඩු දැමූ අයට අමාත්‍යවරයාගෙන් පිළිතුරු (වීඩියෝ)

මාර් 15, 2021
  • වතු කම්කරුවන්ට රුපියල් දහසක දෛනික වැටුප් ලබාදීම ප්‍රමාද කිරීම සඳහා වතු සමාගම් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වී ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

    අමාත්‍යවරයා පවසන්නේ කෙසේ හෝ කම්කරු ජනතාවට එම අයිතිය ලබා දීමට ක්‍රියාකරන බවයි. ඔහු මේ අදහස් පළ කළේ කම්කරු අමාත්‍යංශයේ අද(15) පැවති මාධ්‍ය හමුවක දී.

    සේවකයෙකුගේ සේවය අවසන් කිරීමේ දී ගෙවිය යුතු උපරිම මුදල රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කිරීමටත් පෞද්ගලික අංශයේ සේවකයෙකු වැඩ තහනමට ලක්වූ විට ඊට විනය ක්‍රියාමාර්ග ගෙන තීන්දුවක් ලබා දීම මාස 6ක දී සිදු කිරීම ඇතුළු කරුණු සම්බන්ධ කෙටුම්පත මේ වනවිට සකස් කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළා.

    Latest News