ශ්‍රී ලංකාව මානව හිමිකම් රකිනවා; චීන රජයෙන් ප්‍රකාශයක්

පෙබ 27, 2021

    රාජ්‍යයන්ට මැදිහත්වීමට හා දේශපාලන අරමුණු සඳහා මානව හිමිකම් යොදා ගැනීම ගැන දැඩි විරෝධය පළකරන බව චීනය ප්‍රකාශ කරයි.

    ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සුරැකීමට හා සමාජ සංවර්ධනයට කැපවී සිටින බව චීනය කියා සිටී. චීනයේ බෙයිජිං නුවර ඊයේ පැවති විදේශ අමාත්‍යාංශ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් මෙහෙයුම ගැන ප්‍රශ්න කෙරිණ.

    ඊට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වැංග් වෙන්බිං කියා සිටියේ රටේ මානව හිමිකම මෙන්ම ආර්ථික හා සමාජ සංවර්ධනය, ජාතික සංහිදියාව, ත්‍රස්තවාදය පිටුදැකීම හා බලපෑමට ලක්වූ කණ්ඩායම් ආරක්‍ෂා කිරීම අතින් ශ්‍රී ලංකා රජය ප්‍රශංසනීය මෙහෙවරක් ඉටු කරන බවයි.

    ඊට සහය දක්වන බව චීන රාජ්‍ය නියෝජිතයා ප්‍රකාශ කළේය. ජිනිවාහි දැනට ක්‍රියාත්මක මානව හිමිකම් වැඩපිළිවෙළ ඔහුගේ දැඩි විවේචනයට ලක්විය.

    ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කරමින් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිචෙල් බැෂලේ බ්‍රහස්පතින්දා නිකුත් කළ වාර්තාව ගැන මානව හිමිකම් කවුන්සිලයේදී විවේචන එල්ල විය.

    එහිදී රටවල් 21ක් ශ්‍රී ලංකාවට සහය පළ කරමින් අදහස් දැක්වූවා. එහිදී රටවල් 21ක් ශ්‍රී ලංකාවට සහය පළ කරමින් අදහස් දැක්විය, ශ්‍රී ලංකාවට විරුද්ධත්වයක් පළ කළේ රටවල් 15ක් පමණි.

    මේ සම්බන්ධයෙන් මූලික කණ්ඩායමේ රටවල් සකසා ඇති යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම ලබන මස ජිනීවා සැසිවාරයේ අවසන් දින කිහිපය තුළ සිදු කරනු ඇතැයි විශ්වාසයක් පවතී.

    Latest News