වන අලි එළවීමට මිරිස් කුඩු මාත්තුවක්

ජන 29, 2019

    මහවැලි සී කලාපයේ ගිරාදුරුකෝට්ටේ ග්‍රාමසේවා වසම් 18 ක ජනතාව වන අලිගෙන් පීඩා විදින විඳිණු ලැබේ.

    ඌව ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල ඌව ආණ්ඩුකාර කාර්යාලයේදි අද (29) පැවැති සාකච්චාවකදී මේ බව අනාවරණය විය.

    මෙම වන අලි තර්ජන මැඩලීමට වනජීවි නිලධාරින් සතු ප්‍රවාහණ පහසුකම් ප්‍රමාණවත් නොවන බව වනජීවී අඩවි ආරක්ෂක කේ. ඒ. චන්ද්‍රසිරි මහතා මෙහිදි පෙන්වා දුනී. ගිරාදුරුකෝට්ට අලිවැට ඉදිකිරීමට මුදල් වෙන්කර තිබියදි එය මෙතෙක් ක්‍රියාත්මක නොවීමට හේතු සොයා ඉක්මනින් විසදුම් ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මෙහිදි අවධාරනය කළේය. අලි එලවීම සදහා වගාවන් වටා මිරිස් කුඩු යෙදීම සාර්ථක ප්‍රතිපල අත්වූ විසදුමක් බව මෙම සාකච්චාවට සහභාගි වූ ගොවි නියෝජිත ඩබ්ලිව්.එම්. ධර්මසේන පැවසීයිය.

    ඩබ්ලිව්.එම්. ධර්මසේන “මං කරන්නේ මිනිසුන්ට පෙනෙන්න වතුර ටිකක් අරන් කොල අත්තකින් සතියකට සැරයක් ඉහගෙන යනවා. ඇත්ත තත්වය තමතයි මං මිරිස්කුඩු 250 ක් වත්ත වටේම ඉහිනවා . එතකොට ඇහැට මිරිස් කුඩු යනවාට අලියා බයයි. මොකද මිරිස්කුඩු ගියාම අලියාට පේන්නේ නැහැ. යන්න එන්න බැහැ ඒකට හරිම බයයි. මගේ වත්තේ පොල්ගස් 240 ක් තියෙනවා . පුවක් ගස් කෙසෙල්ගස් තියෙනවා. හැබැයි මං කලේ ගස් 03 ක සංවේදීව හදනවා ඒවාට මිරිස් කුඩු ගහන්නේ නැහැ. අලි ඇවිත් ඒ කාලා යනවා. එතකොට අලින්ටත් තේරෙනවා මේ මනුස්සයා සාධාරණ මිනිහෙක් කියලා. ඒවගේම අලුගොඩක් ඉසිනවා නම් ගින්දර තියෙනවා කියන බයට අලි එන්නේ නැහැ“ යැයිද ඔහු පැවසීය. 

    ධර්මසේන මහතාගේ ප්‍රකාශය ශ්‍රීලංකා මහවැලි අධිකාරියේ නේවාසික කළමණාකරු කේ. ඒ. එල්. විමල් කුමාර මහතා තහුරු කළේය. අප්‍රිකානු රටවල මේ වැනි ක්‍රම භාවිතා කරබන බවත් ඔහු කියා සිටියේය. මෙය ශ්‍රි ලංකාවේ ඇතැම් අය කළ අත්හදා බැලීම් සාර්ථක වු බව ශ්‍රීලංකා මහවැලි අධිකාරියේ නේවාසික කළමණාකරු කේ. ඒ. එල්. විමල් කුමාර මහතා සදහන් කළේය. මේ සදහා සැර වැඩි හොද මිරිස් කුඩු පොට්ටනි ගසා ව‍ටේට එල්ලා තැබිය හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්අවා දුනී.

    අලි වැට ඉදිකිරීමේදි ඉඩම් අහිමිවන ජනතාවට අසාධාරනයක් නොවන අයුරින් ඉඩම් ලබාදීමට පියවර ගත යුතුබව ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතා මෙහිදි පෙන්වා දුනී. ජනාධිපති සමග එ පිළිබඳව සාකච්චා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සදහන් කළේය.

    අලි වැට ඉදිකිරීමේදි මතුවන ගැටලු හදනාගැනීම සදහා ක්ෂේත්‍ර චාරිකාවක් පෙබරවාරි මස 01 වනදා පැවැත්වීමට මෙහිදි තීරණය විය. ඒ සදහා ගොවි සංවිධාන නියෝජතයන්, මහවැලි නිලධාරින් වනජීවි නිලධාරින්, සිවිල් ආරක්ෂක කමිටු හා ග්‍රාම නිලධාරින් සහභාගි කරවීමටද තීරණය විය .

    Latest News