වරාය සේවා ගාස්තු සංශෝධනය අත්හිටුවීමක්

ජන 29, 2019

    ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවාවන්ගේ සහ සීමාසහිත ජයබහලු පර්යන්ත සමාගමේ ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය මාර්තු 15 වැනිදා දක්වා කල් දමා තිබේ.

    ඒ, නාවික හා දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින්. හිටපු වරාය සහ නාවික කටයුතු අමාත්‍යවරයා ගත් එම තීරණයට බොහෝ පාර්ශ්වවලින් විරෝධතා එල්ල වී තිබිණ. ඒවා සැලකිල්ලට ගෙන එම තීරණය ක්‍රියාත්මක කිරීම කල් දැමීමට අමාත්‍ය සාගල රත්නායක මහතා පියවර ගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් ඒ මහතා ඉදිරිපත් කළ සංදේශයට අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අද අනුමැතිය හිමිවිය. වරාය අධිකාරියේ ඉහළ නිලධාරින්ගේ සහ වරාය ක්‍ෂේත්‍රයේ සියලු පාර්ශ්ව නියෝජනය වන පරිදි පත් කළ කමිටුවකින් මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටයි අමාත්‍යවරයා කටයුතු කර තිබුණේ.

    Latest News