වැව ප්‍රතිසංස්කරණ මුවාවෙන් පස් ජාවාරමක්

ජන 29, 2019

    තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ කුඩා ගම්මානපහ, ඉත්තවෑකඩ වැව ප්‍රතිසංස්කරණය කිරීමේ මුවාවෙන් පස් ජාවාරමක් සිදුවන බවට, ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

    වැව් ජලයෙන් ජීවත්වන ගොවි පවුල් සංඛ්‍යාව 65ක්. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් කිසිදු අවසරයකින් තොරව වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජයෙන් රුපියල් ලක්‍ෂ 50ක මුදලක් කොන්ත්‍රාත්කරු ලබාගෙන ඇති බව ප්‍ර දේශවාසීන් නඟන චෝදනාවයි.

    වැව තුළ විශාල වළවල් හාරා පස් විකුණන බව වාර්තාවේ. එමෙන්ම පාරම්පරික ගස් කපා විනාශ කරන බව පැවසේ. මාස තුනක් වැනි කෙටි කාලයකින් රොන් මඩ ඉවත් කළ යුතුව තිබුණ ද වැවේ පස් ඉවත් නොකර එය සිදු කළ නොහැකි බව කොන්ත්‍රාත්කරු පවසයි.

    Latest News