2025දී ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් - ඇමති මංගල (වීඩියෝ)

ජන 28, 2019

    “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා“ වැඩසටහන දීප ව්‍යාප්තව හඳුන්වා දෙමින්, 2025 වර්ෂය වනවිට ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් බවට පත්කිරීම රජයේ අරමුණ බව, අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

    “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා“ වැඩසටහන යටතේ දඹුල්ලේ අද පැවති ගොවිජන සේවා සහන ණය යෝජනා ක්‍රමය පිළිබඳව ගොවීන් දැනුවත් කිරීමේ සමාරම්භක උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.


    ගොවි ජනතාව නඟා සිටුවීම එම ණය යෝජනා ක්‍රමයේ ප්‍රධාන අරමුණයි. ඉන් සුළු පරිමාණ ගොවීන්ට මෙන්ම, ගොවි සංවිධානවලට සහන සැලසෙනු ඇති. ණය සඳහා අය කෙරෙන බැංකු පොලිය 13%ක්. ඉන් 75%ක් හෝ 50%ක් රජය විසින් ගෙවනු ලබනවා. මේ යටතේ “නවෝදා“ සහ “රන් අස්වැන්න“ යනුවෙන් විශේෂ සහන ණය යෝජනා ක්‍රම කිහිපයක් ද හඳුන්වා දී තිබෙනවා. ගොවි මහතුන්ට ද සිය වගා කටයුතු සඳහා අවශ්‍ය දියුණු යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේ සිට රුපියල් මිලියන 750 දක්වා මුදල් වශයෙන් මෙම ණය ලබාගත හැකියි. යැපුම් කෘෂිකර්මාන්තය, වාණිජ පරිමාණයට ඉහළ නැංවීම සඳහා නූතන තෘෂිකාර්මික පිළිවෙත් භාවිතයටත් එමගින් අස්වනු ඉහළ නැංවීමටත් අවස්ථාව සැලසෙනවා. රාජ්‍ය බැංකු මගින් ණය ලබාදීම සිදු කෙරෙනු ඇති. ණය අනුමත වූ ගොවි මහත්ම, මහත්මීන් සඳහා ණය මුදල් සහ යන්ත්‍ර සූතු ප්‍රදානය කිරීම මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

     

    Last modified on සදුදා, 28 ජනවාරි 2019 21:26

    Latest News