ශ‍්‍රී ලන්කන් ප‍්‍රතිව්‍යුහ විශේෂඥ කමිටුව වාර්තාව ජනපතිට (වීඩියෝ)

ජන 28, 2019

    ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ ගැටලූ නිරාකරණය කර නව ප‍්‍රතිව්‍යුහගත කිරීමකට අවශ්‍ය යෝජනා සහ අදහස් ඇතුලත් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කළ විශේෂඥ කමිටු වාර්තාව අද (28) ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පත් වෙත භාරදෙනු ලැබිණ.

    ජනාධිපතිතුමා විසින් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුව පත්කරනු ලැබුවේ පසුගිය ජනවාරි 07 වනදා යි.

    ආයතනය ඈවර කිරීම හා නැවත ස්ථාපනය කිරීම, කළමනාකරණ ගිවිසුම, ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම හා ප‍්‍රාග්ධන උත්පාදනය යන අංශ තුන පිළිබඳව කමිටු වාර්තාවෙන් නිර්දේශ යොමු කර තිබේ. එහි තුන්වන කරුණ වන ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම හා ප‍්‍රාග්ධන උත්පාදනය යන කොටස පිළිබඳ අවධානය යොමු කර ඉදිරි කටයුතු කිරීම වඩා යෝග්‍ය බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා පෙන්වා දුන්නේ ය.

    ආයතනය ප‍්‍රතිව්‍යුහගතකරණය යටතේ ස්වාධීන අධ්‍යක්ෂ මණ්ඩලයක් හා කළමනාකාරිත්වයක් හඳුනා ගැනීම, ව්‍යාපෘති ආකෘති සංශෝධනය, මානව සම්පත් ප‍්‍රතිව්‍යුහගත කිරීම, ස්වාධීන ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලියක් ඉදිරිපත් කිරීම, සන්නාම ප‍්‍රවර්ධනයේ දී සහයෝගීතාවය පිළිබඳ සොයා බැලීම යන කරුණු ගැන අවධානය යොමු කළ යුතු බවට කමිටුව නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

    කමිටු සභාපති, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත වාර්තාව පිළිගැන්වූ අතර, කැබිනට් නොවන අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු කමිටුවේ සෙසු සාමාජිකයෝ එම අවස්ථාවට එක්ව සිටියහ.

    නියමිත කාලයට අනුව කමිටු වාර්තාව භාරදීමට පියවර ගැනීම පිළිබඳ ජනාධිපතිතුමා එහි සියලූ සාමාජිකයන්ට තම ස්තූතිය පිරිනැමී ය.

     

    Last modified on සදුදා, 28 ජනවාරි 2019 21:36

    Latest News