වතුකම්කරු වැටුප් වැඩිකිරීමේ අවබෝධතා ගිවිසුමක් (වීඩියෝ)

ජන 28, 2019

    වතු කම්කරුවන්ගේ නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු නව අවබෝධතා ගිවිසුමට අත්සන් කල බව ලංකා කම්කර කොන්ග්‍රසය පවසයි.

    වතු හාම්පුතුන්ගේ සංගමය වෙනුවෙන් එම සංගමයේ අධ්‍යක්ෂක ජෙනරාල් කනිෂ්ක විරසිංහ සහ වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙනුවෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන්, ලංකා ජාතික වතු කම්කරු සංගමය වෙනුවෙන් එමපක්ෂයේ ප්‍රධාන ලේකම් වැවිලි කර්මන්ත රාජ්‍ය අමාත්‍යය වඩිවෙල් සුරේෂ් යන මහතුන් අත්සන් කර තිබේ.

    මේ අනුව වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු.700ක් ලෙස ද තේ මිල අනුව දිනකට රු.50 මුදලක් ද අමතර තේ දළු කිලෝවකට රු.40 ක් නව අවබෝධතා ගිවිසුම අනුව වතු කම්කරුවන්ට වැටුප් ගෙවිමට නියමිතයි.  මාස තුනක හිඟ වැටුප් ද  ගෙවිමට තීරණය කර තිබේ.

    මෙම අවබෝධතා ගිවිසුම වසර දෙකකට බලපැවැත්වෙන බව, ලංකා කම්කරු කොන්ග්‍රසය කියා සිටියේය.

    අද අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමට විරෝධය පාමින් හැටන් ඇතුළු වතුකරයේ ස්ථාන කිහිපයක වතු කම්කරුවන් විරෝධතා පැවැත්වනු ලැබීය.

    Last modified on සදුදා, 28 ජනවාරි 2019 21:24

    Latest News