ගම්මිරිස් ආනයනය නැවැත්වුවා

ජන 28, 2019

    දේශීය ගම්මිරිස්  ගොවියා සුරැකීම උදෙසා ගම්මිරිස් පිටරටින් ආනයනය කිරීම වහාම නැවැත්වූ බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

     එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ගොවීන් සඳහා ණය ලබාදීමේ දඹුල්ලේ පැවති උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    ගම්මිරිස් ආනයනය නැවැත්වීමට හේතුව වූයේ මෙරට ගම්මිරිස් වගාවේ නිරත වී සිටින ගොවීන්ට සහනයක් ලබාදීම සඳහා බවත්, උඳු නිෂ්පාදනය කරන ගොවීන්ට සහනයක් වශයෙන් ආනයනික උඳු කිලෝවක් සඳහා රු.200 ක බද්දක් පැනවීම මඟින් උඳු ගොවියා ආරක්ෂා කිරීමට ද තමා කටයුතු කළ බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ඉදිරියේ එළවළු ප්‍රවාහනය සඳහා ලොරි රථ ʻඑන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකාʼ වැඩසටහන යටතේ ණය සහනාධාර මත ලබාදීමට අවශ්‍ය වැඩකටයුතු සිදුකර දෙන මෙන් හා පොහොර සහනාධාරය  මඟින් ලබාදෙන පොහොර නොමිලයේම ලබාදෙන ලෙස එම ස්ථානයේ සිටි මුදල් අමාත්‍යවරයාගෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා ඉල්ලීමක් ද කළේ ය.

    Latest News