කොන්ත්‍රාත්කරුගේ වැඩෙන්; නෝර්වුඩ් ගිනි ගනී

ජන 28, 2019

    නොර්වුඩ්  ප්‍රදේශයේ අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටීමෙන් ඇතිවූ ගින්නකින් අක්කර 3ක් පමණ විනාශ වී තිබේ.


    නොර්වුඩ් වතුයායේ යුකෙලප්ස්ටික් වර්ගයේ ගස් කපා ඉවත් කිරිමට වතුපාලන අධිකාරිය මගින් නීත්‍යානුකූල අවසර ලබාගත් කොන්ත්‍රාත්කරුවෙකු විසින් අපරික්ෂාකාරි ලෙස ගස් කපා ඉවත් කිරිමට යාමේදී විදුලි රැහැන මතට ගසක් කඩා වැටී තිබේ. ඒ සමගම එගිනි ගැනිම ඇති වූ බවයි, නොර්වුඩ් පොලිසිය ප්‍රකාශ කරන්නේ.

    පැතිර ගිය ගින්න නොර්වුඩ් පොලිසිය සහ වතු කම්කරුවන් එක්ව පාලනය කර තිබේ.

    විදුලිබල මණ්ඩලය දැනුත් නොකර අධි බලැති විදුලි රැහන් පද්ධතියක් අසළ ගසක් කපා ඉවත් කිරිමට යාමෙන් විදුලිබල මණ්ඩලයට විශාල අලාභයක් සිදු වී ඇති බව මස්කෙලිය විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ  විදුලි අධිකාරි අරෝෂ නිලන්ත මහතා ප්‍රකාශ කළේය.

    විදුලි රැහන් පද්ධතිය කඩා වැටීමෙන් නොර්වුඩ් ප්‍රදේශයට මේ වන විට විදුලිය ඇණ හිට තිබේ. එය කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවයි, විදුලි අධිකාරිවරයා කියා සිටියේ.

    06

     08

    04

    Last modified on සදුදා, 28 ජනවාරි 2019 16:06

    Latest News