විශ්‍රාමික සේවකයින්ට අදත් වැටුප්

අප්‍රේ 03, 2020

    විශ්‍රාමික සේවකයින්ට අද සහ ලබන 6 වැනිදා විශ්‍රාම වැටුප් ලබාදීම සිදු කෙරේ. විශ්‍රාම වැටුප් ලබාදීම ඊයේ දිනයේ දී ආරම්භ කෙරිණ. සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිය විශ්‍රාමික හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකියි.

    ඒ අනූව, බොහෝ පිරිසක් සිය විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා නගර වෙතට ඊයේ පැමිණ සිටිනු දක්නට ලැබිණ. දිවයිනම ආවරණය වන පරිදි ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමට යුද හමුදාව පියවර ගෙන තිබේ.

    විශ්‍රාමික වැටුප් නිවෙස් වෙත ලබා දීමේ වැඩසටහන යටතේ දිස්ත්‍රික් කිහිපයක තැපැල් ස්ථාන මගින් අදාළ මුදල් විශ්‍රාමිකයින් වෙත ලබා දීම ද ඊයේ ආරම්භ කෙරිණ. තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසන්නේ, විශ්‍රාම වැටුප් හිමියන් රජය විසින් ලබා දෙන ප්‍රවාහන පහසුකම් උපයෝගී කර ගනිමින් තැපැල් කාර්යාල කරා පැමිණීමේ අවශ්‍යතාවක් නොමැති අතර, අප්‍රේල් 4 වැනිදා වන විටත් තම විශ්‍රාම වැටුප් ලබා ගන්නා තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයාගෙන් දුරකථන ඇමතුමක් දී විමසන ලෙසයි.

    Last modified on සිකුරාදා, 03 අප්‍රේල් 2020 09:17

    Latest News