ගැබිනි ගුරුවරියගේ ඇඳුමට බාධා එපා

ජන 28, 2019

    ගර්භිණී ගුරුවරියන්ට නිර්දේශ කළ ඇඳුමට විරෝධය පළ කිරීමට විදුහල්පතිවරුන්ට සාධාරණ අයිතියක් නැතැයි  අධ්‍යාපන ඇමති පවසයි.

    ඇඳුමට විරුද්ධ වන විදුහල්පතිවරුන් සිටී නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්ෂණික ඇමතුම් අංක 1988 වෙත දැනුම් දිය හැකිවේ.

    ගර්භිනී සමයේ සියලු කාන්තාවන්ට ශාරීරිකවත් මානසිකවත් සුවිශේෂ වෙනස්කම් සිදුවන කාල පරිච්ඡේදයක් වන බැවින් ගුරුවරියන්ටත් එම තත්වය පොදුවේ බලපාන බැවින් ගර්භිණී ගුරුවරියන්ට වඩාත් පහසු සහ උචිත ඇඳුමක් හඳුන්වාදීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටි.

     ඒ අනුව 2018-05-23 වැනි දිනැති 2018/21 චක්‍රලේඛය මඟින් පාසල් ගුරුවරියන් සඳහා ගර්භනී සමයට උචිත ඇඳුමක් හඳුන්වාදීමට, සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලු විදුහල්පතිවරුන් දැනුවත් කර තිබේ. එසේ වුවත් ඇතැම් විදුහල්පතිවරුන් විසින් ගර්භිණී ගුරුවරියන්ට මෙම නිර්දේශිත ඇඳුම ඇඳ පාසලට පැමිණීම තහනම් කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 

    ගුරුවරුන්ගේ වෘත්තීය ගරුත්වය, සම්ප්‍රදාය සහ සංස්කෘතියේ ආරක්ෂාව සලකමින් වෛද්‍ය නිර්දේශ සහිතව හඳුන්වාදුන් මෙම ඇඳුමට විරුද්ධවීම පදනම් විරහිත සහ කණගාටුදායක තත්වයක් මෙන් ම ගර්භිණී ගුරුවරියන් අපහසුතාවට පත් කරණ කාරණයක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරනය කරයි .

    Last modified on සදුදා, 28 ජනවාරි 2019 15:22

    Latest News