"අස්වැසුම" සමාජ සුබසාධන වැඩසටහනේ අභියාචනා හෝ විරෝධතා ලැබී නොමැති ප්‍රතිලාභින් සඳහා ගෙවීම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සහ අමෙරිකාවේ ඩියුක් විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ගව ඝාතනය තහනම් කිරීමට අදාළව කෙටුම්පත් කොට ඇති පනත් හා ආඥාපනත් රජයේ ගැසට් පත්‍රයේ පළකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

කොවිඩ් 19 රෝගයෙන් වැඩි වශයෙන් බලපෑමට ලක්ව ඇති අංශ කිහිපයක් සදහා අවශ්‍ය අරමුදල් සැපීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව එකඟ වී ඇති ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ තිබෙනවා.

ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාව අනුමත කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Latest News