තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවතට

පෙබ 09, 2021

    මඩකලපුව හා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හුදකලා බව අද (09) උදෑසන 6.00 සිට ඉවත් කර තිබේ.

    කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.

    මඩකලපුව දිස්ත්‍රික්කයේ කාන්තාන්කුඩි 166 ඒ ග්‍රාම නිලධාරී වසමේ, මෝතිනාරි උතුර, සින්නතෝන පාර, ගෆූර් පෙදෙස, ටෙලිකොම් පාර, පළමු හරස් පාර, ෆවුසි මාවත යන ප්‍රදේශවල තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතී.

    හුදකලා බව ඉවත් කළ ප්‍රදේශ පහතින් දැක්වේ.

    මඩකලපුව දිස්ත්‍රික්කයේ,

    162 ඒ කාත්තාන්කුඩි 06 දකුණ ග්‍රාම නිලධාරී වසම 162 බී කාත්තාන්කුඩි 06 බටහිර ග්‍රාම නිලධාරී වසම 164 කාත්තාන්කුඩි 04 ග්‍රාම නිලධාරී වසම 164 බී කාත්තාන්කුඩි 05 උතුර ග්‍රාම නිලධාරී වසම 164 ඒ කාත්තාන්කුඩි 05 ග්‍රාම නිලධාරී වසම 164 සී කාත්තාන්කුඩි 04 බටහිර ග්‍රාම නිලධාරී වසම 067 කාත්තාන්කුඩි 01 ග්‍රාම නිලධාරී වසම 167 සී නව කාත්තාන්කුඩි දකුණ ග්‍රාම නිලධාරී වසම 167 ඩී කාත්තාන්කුඩි බටහිර ග්‍රාම නිලධාරී වසම 167 ඊ කාත්තාන්කුඩි මධ්‍යම ග්‍රාම නිලධාරී වසම මාතලේ දිස්ත්‍රික්කයේ,

    ඉස්මාන් මාවත මීදෙණිය ග්‍රාම නිලධාරී වසමේ වරකාමුර ප්‍රදේශය

    Latest News