සංචාරක කර්මාන්තයෙන් මේ වසරේ අ.ඩොලර් බිලියනයක ආදායම් ඉලක්කයක්

පෙබ 08, 2021

    සංචාරක ව්‍යාපාරයෙන් මේ වසරේදී අමෙරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ඉපැයීමට සැලසුම් සකස්කර ක්‍රියාත්මක කරන්නැයි, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා සංචාරක ක්ෂේත්‍රයේ නිලධාරීන්ට අද උපදෙස් දුන්නේය.

    ඒ්, සංචාරක කර්මාන්තයේ සංවර්ධනය පිලිබඳව ඒම නිලධාරින් සමඟ සාකච්ජාවකට ඒක්වෙමින්.සාකච්ජාව පැවැත්වුනේ, අරලියගහ මන්දිරයේදී. සංචාරක ක්ෂේත්‍රයේ නිරත සියලු දෙනා කොවිඩ්-19 ඒන්නත්කරණයට රජයේ අවධානය යොමුව තිබේ.

    ජාතික ආර්ථිකය ගොඩනැංවීම සඳහා අපනයනය ක්ෂේත්‍රයෙන් උපයන මුදල් පමණක් ප්‍රමාණවත් නැහැ. බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේ, ජාතික ආර්ථිකය ගොඩනැංවීමට සංචාරක කර්මාන්තයේ සහය අත්‍යවශ්‍ය බවයි.

    කොවිඩ් 19 රෝගය පැතිරීමත් සමඟ සංචාරක කර්මාන්තය අඩාල වුණා. නව සාමාන්‍ය තත්වය යටතේ රාජ්‍යයන් බොහොමයක් යළි තම රටවල සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ තරගයක නිරතව සිටිනවා.

    සංචාරය සඳහා ආරක්ෂිත සහ සුදුසු රටවල් අතර, විදෙස් සංචාරකයින්ගේ පළමු තෝරා ගැනීම් රටවල් 10 අතර, ශ්‍රී ලංකාව ද පවතී. ඒම නිසා සංචාරකයින් ආකර්ශනය කරගැනීම සඳහා නව සැලසුම් ක්‍රියාවට නංවන ලෙස බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදුන්නා.

    සංචාරක කර්මාන්තය හා බැඳුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහයවීම සම්බන්ධයෙන් ද, සාකච්ජාවේදී අවධානය යොමු කෙරිණ.

    "ගම සමඟ පිළිසඳරක් තුළින් - වැඩ සමඟ යළි ගමට" වැඩසටහන මගින් ගමේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන්ම ගම සංවර්ධනයට ද, රජය ක්‍රියාකරන බව, පෙන්වා දුන් බැසිල් රාජපක්ෂ මහතා සෑම ගමකටම සංචාරක ව්‍යාපාරයෙන් මුදල් ගලායාමේ ක්‍රමවේදයක් සකස් කරන බව පැවසීය.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී. චානක, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම, මහත්මීන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ සාකච්ජාවට ඒක්ව සිටියහ.

    Latest News