ප්‍රදේශ කිහිපයක් හුදෙකලා තත්වයෙන් ඉවතට

පෙබ 08, 2021

    අද උදෑසන 5.00 සිට ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කර තිබේ.

    ඒ අතරට බොරැල්ල පොලිස් වසමේ, ගෝතමීපුර මහල් නිවාසය, ගෝතමීපුර 24 වත්ත, ගෝතමීපුර 78 වත්ත හා වේළුවන පාර යන ප්‍රදේශ ද අයත්.

    මීට අමතරව මිනුවන්ගොඩ පොලිස් වසමේ ගල්ඔලුව ප්‍රදේශයේ ජුම්ම මස්ජිඩ් මාවත, හිද්‍රා මාවත, අලත් පාර සහ අකරගොඩ යන ප්‍රදේශවලද හුදෙකලා තත්ත්වය ඉවත් කෙරිණ.

    එමෙන්ම අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝලන දකුණ හා පූගොඩ පොලිස් වසමේ කුමාරිමුල්ල ග්‍රාම නිලධාරී වසමේ හුදෙකලා තත්ත්වයද ඉවත් කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News