අද සිට අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් ස්ථාවර මිලකට (වීඩියෝ)

පෙබ 08, 2021
  • ස්ථාවර මිල තීරණය කළ සහල්, පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් අද (08) සිට සතොස සහ සමූපකාර මගින් පාරිභෝගික ජනතාවට මිල දී ගත හැකියි.

    කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    මෙම භාණ්ඩ නව මිල ගණන් යටතේ සතොස, සමූපකාර හා Q-Shop හරහා පාරිභෝගික ජනතාවට නිකුත් කෙරේ.

    අදාළ මිල ගණන් යටතේ ලැබෙන පාරිභෝගික සහන පිළිබදව පාරිභෝගික අධිකාරිය මගින් අඛණ්ඩව නිරීක්ෂණය කෙරේ.

    සතොස, සමූපකාර හා Q-Shop හරහා මෙම භාණ්ඩ ලබා ගැනීමේදී යම් ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳව විමසීම් කිරීම සඳහා 1998 ඍජු දුරකථන අංකයත්, යම් ස්ථානයක සිදුවන මිළගණන් වංචා සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා 1977 ඍජු දුරකථන අංකයත් අද දින සිට ක්‍රියාත්මක වෙයි.

     

    Attachment 01 price list

    Last modified on සදුදා, 08 පෙබරවාරි 2021 23:59

    Latest News