මෙරටින් තවත් කොවිඩ් මරණ 4ක්..සමස්තය 343ක්

පෙබ 06, 2021

    අද දිනය වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 67,850ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 61,461ක්. දැනට රෝහල් ගතව සිටින සංඛ්‍යාව ආසාදිතයින් සංඛ්‍යාව 6,046ක්.

    මේ අතර ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා විය. ඒ සමගම මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 343ක් දක්වා ඉහළ ගොස් ඇත.

    මේ අතර ඊයේ දිනයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 94ක්, කළුතර 88ක්, කුරුණෑගල 79ක්, ගම්පහ 57ක්, ගාල්ල 38ක්, හම්බන්තොට 27ක්, මන්නාරම 13ක්, නුවරළිය 01ක්, පොළොන්නරුව 05ක්, මාතලේ 05ක්, පුත්තලම 16ක්, මඩකලපුව 01ක්, කෑගල්ල 01, රත්නපුර 01ක්, අනුරාධපුර 11ක්, අම්පාර 12ක්, මාතර 06ක්, කිලිනොච්චිය 02ක්, වව්නියාව 06ක් ලෙස ඊයේ දිනයේදී ආසාදිතයින් වාර්තා වී ඇත.

    Latest News