උතුම් මානව සබඳතාවලින් පරිපූර්ණ ප‍්‍රබුද්ධ සමාජයක් අපගේ ප‍්‍රාර්ථනය විය යුතුයි – විපක්ෂ නායක

පෙබ 04, 2021

    බාහිර අතපෙවීම් තුළින් දේශයේ ස්වෛරීත්වයට බලපෑම්වීමට නොදීමත්, දේශීය සම්පත් සුරක්ෂිත කිරීමත් දේශපාලන ,ආර්ථික,සමාජ,සංස්කෘතික ,ආගමික,මාධ්‍ය යනාදී සකලවිද අභ්‍යන්තර නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් සුරක්ෂිත කිරීමත් අප ඉදිරියේ ඇති අභියෝගය බව විපක්ෂ නායක හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    නිදහස් දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ , දේශයක් ලෙස ලද ජයග්‍රහණ, ලැබූ පසුබෑම් මෙන්ම පරාජයන් ද ඉක්ම ගිය වසර 73 තුළ අපට අත්දැකීම් සපයන බවයි.

    ලෝකය දිනන, ප්‍රෞඬ දේශයක් ලෙස ශක්තිමත්ව පෙරට ඒමේ බලය සමස්ත ජනතාවට ලබා දෙන, උතුම් මානව සබඳතාවලින් පරිපූර්ණ ප‍්‍රබුද්ධ සමාජයක් අපගේ ප‍්‍රාර්ථනය විය යුතු යැයි විපක්ෂ නායකවරයා පවසයි.

    Latest News