රටේ දූෂණ, වංචා වැළැක්වීමට විශේෂ බලකායක් නිර්මාණය කරනවා...සජිත්

නොවැ 02, 2019

    රට තුල ක්‍රියාත්මක වන දූෂණ සහ වංචා වැළැක්වීමට විශේෂ බලකායේ නිර්මාණය කරන බවත්, එළඹෙන 16 වැනිදායින් පසුව නිර්මාණය වන්නේ දූෂණය හා වංචාව පිටු දකින රජයක් බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණ කරයි.

    දූෂණ සහ වංචාව පිටු දැකීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව ද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ කොළොන්නාව, උමගිලිය ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවකට ඊයේ (01) එක්වෙමින්.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා...

    රටේ සියලු ජනතාවගේ ඉල්ලීම සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමයි. ඒ සඳහා රාජ්‍ය සම්පත නිසි ලෙස ආයෝජනය කළ යුතුයි.

    පාලකයින්ගේ අභිවෘද්ධිය උදෙසා රාජ්‍ය දේපළ සොරා කන යුගය අපි 16 වැනිදායින් පසුව අවසන් කරනවා. දූෂණය හා වංචාව වැළැක්වීමට විශේෂ බලකායක් නිර්මාණය කරනවා. දූෂණය හා වංචාව සඳහා වැරදිකරුවන් වන සෑම පුද්ගලයෙක්ම තරාතිරම නොබලා නීතිය හමුවට ගෙන එනවා. අපි නිර්මාණය කරන්නේ දූෂණ හා වංචාව පිටු දකින රජයක් බව මා ප්‍රකාශ කරන්නට කැමතියි.

    අපේ රජය තුළ හොරුන්ට, වංචාකරුවන්ට, රාජ්‍ය දේපළ සොරා කෑ පුද්ගලයන්ට, ජනතා මුදල් අවභාවිත කළ අයට කිසිම ඉඩක් නැහැ. අපි හදන්නේ පිරිසිදු ආණ්ඩුවක්. මා ජනාධිපතිවරයා ලෙස පත්වීම ලබා දෙන විට දූෂණ වංචාවලට සම්බන්ධ වූවන්ට කිසිම ආකාරයේ පත්වීම් ලබා දෙන්නේ නැහැ...

    Last modified on සෙනසුරාදා, 02 නොවැම්බර් 2019 11:07

    Latest News