කොවිඩ්-19 එන්නතින් මුළු රටම ආවරණය කළ පළමු රට වීමේ ඉලක්කයක් (වීඩියෝ)

පෙබ 03, 2021
  • පෙබරවාරි මස මැද භාගය වනවිට සාමාන්‍ය ජනතාවටත් එන්නත ලබා ගත හැකිවනු ඇතැයි රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය විශ්වාසය පළ කරයි.

    ගම සමඟ පිළිසඳර - වැඩ සමඟ යළි ගමට වැඩසටහන හා 2021 අය-වැය යෝජනා යථාර්ථයක්වන ජාතික සම්බන්ධීකරණ අනු කමිටු පිහිටුවීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

    රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ සෞඛ්‍ය වෘත්තිකයන් ද මහජනතාව ද කොවිඩ්-19 එන්නත ලබාගැනීම සම්බන්ධයෙන් උනන්දුවන බව අමාත්‍යවරු මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමු කළහ. පෙබරවාරි මස මැද භාගයවනවිට සාමාන්‍ය ජනතාවටත් එන්නත ලබා ගත හැකිවනු ඇතැයි රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය මෙහිදී විශ්වාසය පළ කළාය. කොවිඩ්-19 එන්නත් ලබා දීම තීව්‍ර කරමින් ශ්‍රී ලංකාව එන්නත් ලබා දී අවසන් කළ පළමු රට වීම වැනි ඉලක්කයක් කරා ගමන් කළ යුතුව ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය. මෙම අවස්ථාවට කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    Last modified on බදාදා, 03 පෙබරවාරි 2021 22:30

    Latest News