ගම සමග පිළිසඳරින් පසු කනුගහවැව ගම්මානයේ සංවර්ධන කටයුතු ඇරඹේ (වීඩියෝ)

ජන 28, 2021
  • කැබිතිගොල්ලෑව කනුගහවැව ගම්මානයේ සංවර්ධන කටයුතු ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයේන අද(28) ආරම්භ කෙරුණා.

    පසුගියදා කනුගහවැව ගම්මානයේ පැවති ගම සමග පිලිසදරක් වැඩසටහන දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එම ගම්මානයේ සංවර්ධනය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භාර කළා. ඒ අනුවයි අද සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ.

    කනුගහවැව ගම්මානය අති දුෂ්කර මෙන්ම නිරන්තරව ත්‍රස්තවාදී ප්‍රහාරවලට ගොදුරු වූ ගම්මානයක්. මෙහි පවුල් 314ක සාමාජිකයින් 942ක් ජීවත් වෙනවා. ජනාධිපතිතුමා මේ ගම්මානයට පැමිණි දෙසැම්බර් 20 වැනිදායි. ගමේ ජනතාව ගැටලුව පිළිබඳව විමසා බැලෙන ගම සමග පිළිසදරක් වැඩසටහන් මාලාවේ එක් අදියරකට සහභාගිවීම සඳහායි. හමුවෙදී ජනතාව කළ ඉල්ලීමකට අනුවයි එහි සංවර්ධනය ගුවන් හමුදාවට භාර දීමට ජනාධිපතිතුමා ක්‍රියා කළේ.

    ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සරයට සමගාමීව සංවර්ධන කටයුතු සිදු කිරීමට ගුවන් හමුදාව භාර ගත්තා. ඒ අනුවයි මෙම ගම්මාන සංවර්ධනය කර පොදු පහසුකම් සැලසීම ගුවන් හමුදාපතිවරයා ගේ මුලිකත්වයෙන් අද ආරම්භ කෙරුනේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 ජනවාරි 2021 22:36

    Latest News