ජනපති දිවයිනෙන් පිටත්ව ගිය බව ගුවන් හමුදාව නිවේදනය කරයි

ජූලි 13, 2022

     මාලදිවයින බලා පිටත්ව යාමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ගුවන් යානාවක් ලබාදුන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයෙකුට හිමි බලතල ප්‍රකාරව පවතින රජයේ ඉල්ලීමට අනුව, ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අනුමැතියට යටත්ව ගුවන්තොටුපොළ ආගමන විගමන, රේගු හා අනෙකුත් සියලුම නීතිවලට යටත්ව මෙම පහසුකම සැලසූ බවයි, ගුවන් හමුදා මූලස්ථානය නිකුත් කළ නිවේදනය සඳහන් වන්නේ.

    අදාළ යානාවේ ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ සහ තවත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු පමණක් ගමන් ගත් බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

    14ea4927ec3bfc6abdda2162c99172f3

    Last modified on බදාදා, 13 ජූලි 2022 10:10

    Latest News