සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද නොසලකා හැර සිටි 10ක් අත්අඩංගුවට

ජන 28, 2021

    සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද නොසලකා හැර සිටි දස දෙනෙකු අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ සම්බන්ධ මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 2808 ක්. රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සෞඛ්‍ය ආරක්ෂිතව ක්‍රියා කරන්නේදැයි සොයා බැලීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ආයතන 830 ඊයේ පරීක්ෂාවට ලක්කෙරුණා. පොලීසිය සඳහන් කළේ ඉන් ආයතන හැත්තෑ එකක් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව ක්‍රියා නොකරන බවට හඳුනාගත් බවයි. මෙතෙක් පරීක්ෂාවට ලක් කර ඇති සමස්ත ආයතන සංඛ්‍යාව 7828 ක්. එහිදී සෞඛ්‍යාරක්ෂිතව ක්‍රියා නොකළ ආයතන 1160ක් හඳුනාගන්නු ලැබුවා.

    Latest News