ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අද

මාර් 02, 2021

    ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදට (02) යෙදී තිබේ.

    70 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත නිලධාරීන් 467කට හා සෙසු නිලයන් 7,290 දෙනෙකුට ද උසස්වීම් ලබාදීමට නියමිතයි.

    මාර්තු 3,4 සහ 5 යන දිනවල දී කොළඹ ගාලුමුවදොර පිටියේ දී ගුවන් යානා සංදර්ශනය පැවැත්වීමට නියමිතයි.

    1951 මාර්තු මස 2 වන දින “රාජකීය ශ්‍රී ලංකා ගුවන් හමුදාව“ ලෙස ආරම්භ කරන ලද ගුවන් හමුදාව අද වන විට 34,000 පමණ පිරිසකගෙන් ද ගුවන් යානා 100කට වැඩි විශේෂ බලගණවලින් සමන්විතයි.

    මාර්තු මස 5 වැනි දින අංක 5 ප්‍රහාරක ජෙට් බලගණය අංක 6 බලගණ හට දේශය වෙනුවෙන් ඉටුකරන ලද මෙහෙවර සඳහා ජනාධිපති සම්මාන ප්‍රධාන කිරීමේ සම්මාන පෙළපාලියක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සුදානම් බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පවසයි.

    Latest News