ඇන්ටිජන් පරීක්ෂාවෙන් තවත් ආසාදිතයින් 103ක්

ජන 19, 2021

    බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් අහඹු ලෙස තෝරාගෙන පසුගිය දෙසැම්බර් 21 වැනිදා සිට මේ දක්වා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවෙන් 103 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

    එමෙන්ම වවුනියාව දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 202 දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙම තත්වය සැලකිල්ලට ගෙන අද සිට රාජ්‍ය ආයතනවල නිලධාරීන් පීසීආර් පරීක්ෂණවලට යොමු කිරිමට පියවර ගැනිණ. ඒ අනූව වවුනියාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද පීසීආර් පරීක්ෂණ සිදු කෙරිණ.

    Latest News