අහඹු ඇන්ටිජන් පරීක්ෂණ තවදුරටත්

ජන 11, 2021

    අවදානම් සහිත ස්ථානවල තවදුරටත් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ අඛණ්ඩව සිදුකරන බව 'කොවිඩ් 19' පැතිරීම වැළැක්විමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසයි.

    එහි ප‍්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ බස්නාහිර පළාත තුළ මෙන්ම ඉන් පිටතද මෙම පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි.

    ගතවූ පැය 24 තුළ අලූතින් ආසාදිතයින් 540 දෙනෙක් හඳුනා ගෙන තිබේ. මේ අතර අද සිට සුපිරි වෙළඳසැල්, ව්‍යාපාරික ස්ථාන හා කාර්යාල විශේෂ පරීක්ෂාවකට ලක් කෙරේ.

    පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ පොදු ප‍්‍රවාහන සේවා සම්බන්ධයෙන් ද මෙම සතියේදී වැඩි අවදානයක් යොමු කරන බවයි.

    Latest News