ඇන්ටිජන් පරීක්ෂාවෙන් තවත් ආසාදිතයින් දෙදෙනෙක්

ජන 07, 2021

    මුව ආවරණ නොපැළඳ බස්නාහිර පළා‍ත තුල පොදු ස්ථානවල ගැවසෙන පුද්ගලයින් සොයා සිදුකරන වැටලීම්වල දී ඊයේ දිනයේ පමණක් පුද්ගලයින් 523 දෙනෙක්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගන ගෙන තිබේ.

    මොවුන්ගෙන් 252කට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ඇති අතර ඉන් ආසාදිතයින් දෙදෙනෙක් හඳුනාගෙන ඇත.

    එමෙන්ම තවත් 271 දෙනෙක්ට පීසීආර් පරීක්ෂණ සිදුකර ඇති අතර එහි වාර්තා තවමත් ලැබී නොමැත.

    නව ආසාදිතයින් 522ක් ඊයේ දිනට වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 46,248 දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News